
ඔය අතරේ අර චයිනීස් ගැලැක්සි s3 එකක් ගැන කයිවාරු ගසා තව මොකක්ද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් පාවිච්චි කරන අර කෙට්ටු ඩයල් එක ඒ ෆෝන් එක රැගෙන පොර ටෝක් දැමීමට සූදානම් විය. ඔය අතරේ තව කවුද එකෙක් නයෙක් ගැන කතා කල නිසා ඒ පොර ටෝක් එකද නතර විය. මීලගට කොස් කොලයා පොර ටෝක් පටන් ගත්තෙ මොකක්දෝ පොතක් ගැන කියාය. ඊලගට ඔහුගේ පස්තාච්චි ඇදීම පිලිබඳවය. එවිට අක්කාපාලයා වටේ සිටි උන්ට "පොර ටෝක්" කියා පැවසීම නිසා ඒ පොර ටෝක් එකද මග නතර විය. මීලගට එලියට ඇදී ආවේ කොස් කොලයා කැම්පස් කෙල්ලෙක්ට බත් කැවීමේ සීන් එකකි. (හුටා!!!)
තවත් සුලු මොහොතකින් කවුද මන්දා අක්කා කෙනෙක්, (ගූග්ල් ඩොක් පිස්සුව ලෙසටම තියන කෙනෙක්) ගමටම පහර දීමට මෙන් ඇවිදගෙන එනවා පෙනුනි. (අර NIBM එක පැත්තෙන්) ඒ අක්කා එනවිට අක්කාපාලයා අර බැංකුවෙ වැඩ කරන එකා පස්සෙ සැඟවීමට උත්සහා දරන ලදි (කොහෙ හැංගෙන්නද ඌ පට්ට කෙට්ටුයිනේ :P) පසුව හෙලි වූයේ අක්කාපාලයා සතුව ඒ පැමිනි අක්කාගේ පෙන් එක හා තවත් පෙන් එකක් ක්ලිප් එකක් තිබූ බවයි. වටේ සිටි අය උපදෙස් දුන්නෙ ඒ අක්කාට අක්කාපාලයාගේ සාක්කුවට අත දමා එම දේවල් ලබාගන්න ලෙසයි. (ඊයා ඕයි.. මෙලෝ හැදියාවක් නෑ මුන්ට) පසුව අක්කාපාලයා එම දේවල් තමන්ගෙ මල්ලෙන් රැගෙන ලබා දෙන ලදි. සුලු මොහොතකින් කොස් කොළයා පැවසුවෙ එම අක්කා දිනෙක් නුගේගොඩදී ද මේ ආකාරයට ඇවිද යන අයුරු දුටු බවත්, පහර දේවි යැයි බියෙන් එතනින් බසයෙන් නොබැස ටවුන්හෝල් වෙතම ගොස් බසයෙන් බැස්ස බවත්ය.
තවත් සුලු මොහොතකින් ප්‍රධාන සංවිධායක ලෙස කියවාරු ගැසූ පුද්ගලයෙකු ඇවිදගෙන එනවා පෙනුනි. ඉන්පසුව සියලු දෙනා ඒ අසල වූ ස්ථානයකට හමුව පැවැත්වීම සඳහා යන ලදි. මේ අතරේ ප්‍රධාන සංවිධායකයා කාටද ඔහුගෙ ජංගම දුකෙන් ඇමතුමක් ගෙන පාර අසන්නට විය. ඉන්පසු පාරද අසාගෙන අදාල ස්ථානයට යන ලදි. (වැඩිය නෑ දෙපාරයි පාර වැරදුනේ)
තවත් සුලු මොහොතකින් එම ස්ථානයට පැමිණියේ අර "ලබ්බේ ඇට ගනින්න ඕනෙ නෑ.. දෙකයිනේ" කියපු එකා සහ මියුසික් වීඩියෝ එකක බොරුවට අඬා, ජනප්‍රිය වීමට උත්සහා දැරූ පුද්ගලයෙක්ය. ඉන්පසුව හමුව ආරම්භ වූ අතර "ප්‍රධාන සංවිධායකයා" යැයි හඳුන්වා ගන්නා පුද්ගලයා ජාතික ඉතිරිකිරීමේ බැංකුව තමාගේ බැංකුව ලෙස ප්‍රකාශකයක් කරන ලදි. (පොර ටෝක්) මේ අතර ගුණේ අයියා පැවසුවේ ඔහුට කියා ජොබ් කටුවක් සොයා ගන්නා බවයි.
මීලගට කොස් කොලයා අතර මැදින් ගොං ජෝක් එකක් දමා පැවසුවේ "බොරුවට ඇඬූ" පුද්ගලයාට ඇමතුමක් ගත් විට දවල් නම් මූ වැඩ කියා ඇමතුම විසන්ධි කරන බවත්, රෑ නම් මූ නිදි බවත්ය. එවිට කවුදෝ කියනවා ඇසුනේ "මූට ඊයේ රෑ කතා කලානම් මූ බීලා" බවයි.
තවත් සුලු මොහොතකින් එම ස්ථානයට පැමිණියේ වැඩිහිටියන්ට පමණයි පෝස්ට් වලට ජනප්‍රිය පොඩි එකෙක් කියා හඳුන්වා ගන්න ලොකු එකෙකි. (මූ ගාල්ලෙ ඉඳන් ඇවිත් හිටියෙ රෑට නිදාගෙන ඉඳලා ආවා වගේ) ඔය අතර කවුද කෙනෙක් ඇසුවෙ "ඔයාගෙ කකුල තාම හොඳ නැද්ද?" යන්නයි. එවිට මූ පිලිතුරු දුන්නෙ කකුල හොඳ වෙන්න අවශ්‍ය නැති බවත්, අසවල් ක්‍රියාව ෂවර් එක උඩ කකුල තියාගෙන හෝ කරන බවත්ය. (හැම තැනම බ්ලොග් එක නෙමේ බොල)
මද වේලාවකට පසු ඇන්ඩ්‍රොයිඩ් ගැන පොර ටෝක් දෙන බැංකු ඩයල් එක කියවාරුවක් ආරම්භ කරන්නට ලෑස්ති වන විට ඔහුට උපදෙස් ලැබුනෙ මද වේලාවකට කවුන්ටර් එක වසාගන්නා ලෙසයි. ඉන්පසු ඔහුගෙ කයිවාරුව මද වේලාවකට නතර විය.
සැට් එකම විසිර යන විට අර "ලබ්බෙ ඇට ගනින" පුද්ගලයා පැවසුවේ ඌ ස්පයිඩර් මෑන් බලන්නට යන බවයි. "බොරුවට අඬන" එකා පැවසුවේ ඔහුට බොන්නට අවශ්‍ය බවය. තව අර පොඩි එකා වගේ එකා සිගරට් සොයා ඇවිද යනු පෙනුනි. ඔය කිසිම නෝටි වැඩක් නොකරන කොස් කොලයා, ගුනේ අයියා, අක්කාපාලයා, ප්‍රධාන සංවිධායකයා යැයි කියා ගන්න පුද්ගලයා සහ අර ඇන්ඩ්‍රොයිඩ් පොර ටෝක් දෙන බැංකුවේ එකා සාමකාමීව විසිර යන ලදි.
ප.ලි. : පොටෝ එක අරන් දුන්නට බැංකුවේ ඩයල් එකට ස්තූතිය.