දවසේ ගෙවී යන හෝරාවේදී සටහන් තබන වගයි...
ටාං.....
මුලින්ම සිරස්තල
1.
දකුණේ පොරකට නව නම්බු
නාමයක්.
2.
කිතුල්ගලට දැඩි පොලිස්
ආරක්ෂාව.
3.
වාහන කොටස් ගැලවීමක්
සම්බන්ධයෙන් සිංහල බ්ලොග්කරුවකුට වරෙන්තු.
4.
මත්තෙගොඩ ප්‍රදේශයේ
ගෙවල් බිඳීම් රැසක්.
ලංකාවේ දකුණු පළාත නියෝජනය කරන සිංහල
බ්ලොග්කරුවෙකුට නව නම්බු නාමයක් ප්රදානය කොට ඇතැයි වාර්තා වේ. තවත් සිංහල
බ්ලොග්කරුවකුගේ 4 වසරේ ඉගෙනුම ලබන සොහොයුරියක් විසින් ඔහුට ප්රදානය කොට ඇති නම්බු
නාමය වන්නේ "බල්ලා" යන්නයි. කලකට පසුව
සුදුස්සාට සුදුසු තැන ලැබුණු බව තතු දන්නෝ පවසති. මේ සිංහල බ්ලොග්කරුවා සිංහල
භාෂාවේ කෙල පැමිණි ප්රාඥයකු යැයි තමන්ම කියාගන්නා අතර මෙම නම්බු නාමය ප්රදානය
කොට තිබෙන්නේ පසුගිය දිනක මොහු අගනුවර කළ සංචාරය අතරතුරදීය. එයට හේතු
වී ඇත්තේ ප්‍රාථමික පන්ති වල ඉගෙනුම ලබන ගැහැණු ළමුන් කීපදෙනෙක් සමග මහ රෑ ආර්. ප්‍රේමදාස
ක්‍රීඩාංගනයේ කොට කලිසමකින් සැරසී සිටීම නිසාය.
ලබන ඉරිදා කිතුල්ගලදී පැවැත්වීමට නියමිත
බ්ලොග්කරුවන්ගේ සුවඳ හමුව
වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇතැයි පොලීසිය පවසයි. මේ හමුව
සඳහා නිළ පහසුකම්
සපයන්නා ලෙස තෝරාගෙන ඇති සමාගම පිළිබඳ ඇති අවිශ්වාසය නිසා මේ පියවර ගත් බව
පොලිසියේ ප්‍රකාශකයකු පැවසීය. මෙවර සුවඳ හමුව සඳහා පහසුකම් සැපයීමට
තෝරාගෙන තිබෙන්නේ (අඬන්න බැරි
නිසා) හිනාවෙන්න බ්ලොග් ලියන හාදයෙක්ගේ කොම්පැණියකි. මේ සමාගම මීට පෙරද මෙවැනි
කණ්ඩායම් අනතුරට පත්කොට ඇති බැවින් ජීවිතාරක්ෂක කණ්ඩායම් කැළණි ගඟ දෙපස රැඳවීමටද පියවර ගෙන ඇත.
පසුගිය දිනක කොට්ටාව පැත්තේ කරක්ගැසූ ගාල්ලේ
බ්ලොග් ලියන පුද්ගලයෙක් බාගෙට වැඩකරමින් තිබූ වෑන් රථයක් අළුත්වැඩියා කිරීමටයැයි
පවසමින් කොටස් ගලවාගෙන ගොස් ඇතැයි වාර්තා වේ. මේ පුද්ගලයා වාහන පිළිබඳ සියල්ල දත් පුද්ගලයෙක්යැයි
තතු දත්තෝ පවසති.
මත්තෙගොඩ නිවාස සංකීරණයේ නිවාස කිහිපයකට
පසුගිය ඉරිදා සොරුන් විසින් අලාභ හානි සිදු කොට ඇතැයි වාර්තා වේ. මේ සොර කණ්ඩායම 6
දෙනෙකුගෙන් සමන්විත වී ඇති අතර ගිටාර් දෙකක් අතේ තබාගෙන පාරේ එහා මෙහා ගමන් කරනු
දුටු බව ප්‍රදේශවාසීන් පොලිසියට පවසා ඇත. මෙම කණ්ඩායම මෙහෙයවා ඇත්තේ එම නිවාස
සංකීරණයේම පදිංචි කොළඹ විශාල නමක් සහිත පාසලක ශිෂ්‍යයකු බව දැනගන්නට ලැබී ඇත. මෙම
ශිෂ්‍යයා සංගීතය පිලිබඳ උමතුවකින් පෙළෙන බැවින් සොර කණ්ඩායම එම
ශිෂ්‍යයාගේ සංගීත සගයන් යැයි තමන් සිතූ බව සොරකමට හසුවූ නිවාස හිමියෝ පැවසූහ.
රට තොට පුවත් අස්වැන්න කෙටියෙන් දකිමු
දැන්...
මීට කලකට පෙර පිටසක්වලින් ගොඩබසින ලද පුද්ගලයෙක්
දැන් ලංකාවේ පුරවැසිකම ලබාගෙන ඇතැයි වාර්තා වේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ
මේ පිටසක්වලයාගේ ලක්ෂණ ඌව පළාතේ ජනතාවට නෑකම් කියන බැවින් පුරවැසිකම ප්රදානය කරන
ලද බවයි.
මුහුද ජීවිතය කරගත් හාදයෙකුට බරපතල වයිරසයක්
මගින් හානිකර ඇතැයි වාර්තා වේ. ට්‍රෝජන් වර්ගයට අයත් මෙම වයිරසය ශරීරයට ඇතුළු වී
ශරීර අභ්‍යන්තරයේ ඇති සියළු දත්ත අධෝ මාර්ගය ඔස්සේ සිරුරෙන් ඉවත් කොට ඇත. වෙසක්
බලන්නට ගොස් රෑ අතරමං වන ගැහැණු ළමයින් ගෙවල් වලට ගෙනගොස් දැමීම මෙම පුද්ගලයාගේ
විනෝදාංශය වන අතර පසුගිය දිනක පැවැත්වූ සයිබර් සිහින උළෙලේ සමරු කළාප තොගයක් කල්
ඉකුත් වේයැයි බියෙන් ශීතකරණයක තබා ඇතැයිද වාර්තා වේ.
තමන් මානසික ආබාධයකින් පෙළෙන බව සිය නමට
ඇතුලත් කරගෙන සිටින පුද්ගලයෙක් ලේ දන්දීමට ගොස් බියට පත්වී ඉක්මනින් ගෙදර ගොස්
ඇතැයි දැනගන්නට ලැබී ඇත. මේ හාදයා පසුගිය වසර කීපය තුල සිහියෙන් ගෙදර ගිය එකම දවස
මෙය බව දෙමාපියෝ පවසති. එහෙත් එදිනම ඔහු විසින් මහත් බලාපොරොත්තු තබාගෙන සිටි
ගැහැණු ළමයා ඇමතූ විට "ඔයා කව්ද?" යනුවෙන් ඇමතීම නිසා
දැඩි මානසික ආතතියකට පත්ව සිටින බවද වාර්තා විය.
පසුගිය ඉරිදා (10) තමන්ගේ උපන්දිනය සමරන බව
පවසමින් වයස අවුරුදු 9ක ගැහැණු ළමයෙක් සමග ගාළුමුවදොර පිටිය, කේ එෆ් සී ආදී ස්ථාන
වල රැඳී සිටි
පුද්ගලයකු පිළිබඳ තොරතුරු
දන්නේනම් ළඟම ඇති
පොලිසියට දන්වන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෙම පුද්ගලයා පේස්බුකිය
නම් ස්ථානයේ වැඩිපුර ගැවසෙන අතර මේ දිනවල කැමරාවක් පිළිබඳ සිහින දකින බව වාර්තා
වී ඇත. ගම් ප්‍රදේශයේ ජනතාව මේ පුද්ගලයා හඳුන්වන්නේ මොහුගේ
චරිතයට කිසිසේත් නොගැලපෙන අහිංසක සතෙකුගේ නමින් වන අතර එයට හේතුව එම ප්‍රදේශවාසීන්ද
මොහු මෙන්ම මන්ද මානසික තත්වයෙන් පෙළෙන නිසාදැයි ජනතාව ප්‍රශ්න කරති.
මේ අතර සිංහල බ්ලොග්කාරියකට බැංකු පෝරමයක්
පුරවාගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ. මේ සිද්ධිය සිදුවී තිබෙන්නේ කොල්ලුපිටියේ
පිහිටි බැංකුවකදීය. තමන්ගේ දුරකතන අංකය වෙනුවට හැඳුනුම්පත් අංකය ඇතුලත්
කර ඇති මෙම තරුණිය තමන්ගේ ඊමේල් ලිපිනය ඇතුලත් කිරීමට ඉඩ මදියැයි පවසමින් ඊමේල්
ලිපිනයේ කොටසක් පමණක් සටහන් කොට ඇත. උපන් දා සිට කොළඹ පදිංචිව සිටින ආකාරයට
හැසිරෙන පේරාදෙණියේ උපන් මේ බ්ලොග්කාරිය බැංකුව සොයාගැනීමට නොහැකිව කොල්ලුපිටියේ
සිට බම්බලපිටියට පයින් ගොස් ඇත. එමෙන්ම ඉදිරියේදී කිතුල්ගල පැවැත්වීමට නියමිත සුවඳ හමුවේ සංවිධායක වරියද
ඇයයි.
ප්රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල සඳහා මේ පෝස්ට් එකේ ඉහල
කොටස බලන්න.
අදට නියමිත දෙමංසල පුවත් විකාශය මින් නිමාවට
පත්වෙනවා. සුබ රාත්‍රියක්.
මෙන්න දැන් ලැබුණු ප්‍රවෘත්තියක්.
සිංහල බ්ලොග්කරුවන් අතර ප්‍රසිද්ධ එක්තරා
පුද්ගලයෙක් මේ දිනවල මොණරාගල ප්‍රදේශයේ සැරිසරන බව දැන් වාර්තා විය. රෑ නින්ද හා
සම්බන්ධ නමක් සහිත මොහු වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ පිරිමි ළමුන් සම්බන්ධව බව දැනගන්නට
ලැබී ඇත. පසුගිය දිනක දකුණු පළාතේ සැරිසරන ලද මෙම පුද්ගලයා මාළු ඇල්ලීමට මුහුදු
ගොස් සිටි බවට තොරතුරු ලැබී තිබිනි. මෙම පුද්ගලයාගෙන් තමන්ගේ පිරිමි දරුවන් ආරක්ෂා
කරගන්නා ලෙස මොණරාගල ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක් කොට ඇත.
නිවැරදි කිරීමයි.
මේ ඉරිදා (17) කිතුල්ගලදී පැවැත්වෙන්නේ විනෝද චාරිකාවක් මිස සුහද හමුවක් නොවන බවත් එම චාරිකාව සංවිධානය කිරීමේදී අප විසින් දක්වා ඇති පුද්ගලයාගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් එම චාරිකාවේ සංවිධායක මණ්ඩලය පවසයි. මේ සම්බන්ධයෙන් දෙමංසල කියවන ඔබට යම් අපහසුතාවයක් ඇතිවූයේනම් ඒ පිළිබඳව දෙමංසල කණ්ඩායමේ බලවත් කණගාටුව පළකර සිටිමු.
නිවැරදි කිරීමයි.
මේ ඉරිදා (17) කිතුල්ගලදී පැවැත්වෙන්නේ විනෝද චාරිකාවක් මිස සුහද හමුවක් නොවන බවත් එම චාරිකාව සංවිධානය කිරීමේදී අප විසින් දක්වා ඇති පුද්ගලයාගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් එම චාරිකාවේ සංවිධායක මණ්ඩලය පවසයි. මේ සම්බන්ධයෙන් දෙමංසල කියවන ඔබට යම් අපහසුතාවයක් ඇතිවූයේනම් ඒ පිළිබඳව දෙමංසල කණ්ඩායමේ බලවත් කණගාටුව පළකර සිටිමු.
ආචිචිට හාල් ගරාපන් අමනයා..හිටපිය ඉවසලා
ReplyDeleteජනමර අයියා මොකද අර බවුවා කියන්නෙ ?
Deleteඇත්ත කියනකොට කාටත් ඔහොමයි මචං... ටිකක් අමාරුයි...
Deleteහික්ස්.....හම්මූ මංනම් මොකූ...............ට් කියන්නෑ............:P
ReplyDeleteමීලග පුවත් විකාශයෙන් බලාපොරොත්තු වන්න...
Deleteවිනාසයි. අදාළ පුද්ගලයෝ හැංගෙන්න බිත්තර කට්ටක්වත් හොයාගත්තොත් හොඳා :D
ReplyDeleteපට්ටම පට්ට කොස් කොලයෝ.. එල ඈ..
ReplyDeleteටැංකූ ඈ...
Deleteමොකක්ද ඩෝ වයස 9 කෙල්ලෙක් එක්ක යන්න ඌට පිස්සුද? නැත්නම් මේක ලියපු එකාට පිස්සුද? මේක මාර අර්තාපල් අලයක්නෙ.. !!
ReplyDeleteමම නෑ ඕං ඕවට එහෙම
Deleteඌට පිස්සු කියල හිංගලෙන්ම ලියලා තියෙන්නේ ආයිබොවන්ඩ...
Deleteමූ ගියොත් යන්නේ අක්කලා එක්කනේ .... මොනා වුනත් පව්නේ
ReplyDeleteBreaking News
ReplyDeleteදිගෙන් දිගටම දෙමන්සල නමැති බ්ලොග් අඩවියක් විසින් සිදු කරනා අපහාස නිසා රුපියල් මිලයනයක වන්දියක් ඉලලා බ්ලොග් අවකාශයේ පුද්ගලයෙකු දෙමන්සල බ්ලොග් අඩවිය කරනා චූ මලයාට සහ කොස් කොලයාට නඩු පවරා ඇත..
උට කටයි අධෝ මුඛයයි වහගෙන ඉන්න කියපං.. තව මඩ කන්නෙ නැතුව.. :D
Deleteනඩු දාලා කොරයි...
Deleteඅනෙ අම්මප මංජ මේකෙ ඇඩා වරු දෙන්නංගෙං එකෙක්ටවත් මොනවා....ත්ම කියන්නෑ......
ReplyDeleteමුං මහ මඩකරියොනෙ....
උඩ ඉඳන් පහලට එනකල් සෙට් එකම කට පාඩමින් කියන්න පුලුවන්. මොනරාගල පැත්තේ බ්ලොග් ලියන කවුද බොලේ ඉන්නෙ ???
ReplyDeleteඅලේ මල්දල්ලෑ අෆ්ෆා....
Deleteහෆ්ෆටසිලි ඈ.මුන් මඩ ගහල මදිවට පින්තූරෙකුත් දාල.විනාසයි :o
ReplyDeleteහික්ස්...
Deleteපිස්සු බම්පින්ග්!
ReplyDeleteඅර රබර් බෝලයක් වගේද
Deleteමුන් කනව ලගදි හොඳ හෝටලේකින්...
ReplyDeleteඅද කෑවා නුගේගොඩ එකකින්.. නම මතක නෑ
Deleteකස්ටියව හදුන ගත්තෙමි මොකුත්නොකිය මරු වෙමි
ReplyDeleteBlog tika kiyawanna bari unata okkoma braking news methana niaa aththatama niyamayi..... Ara monaragala dail eka kawuda ban mata mitar nahane.... Elama thama
ReplyDeleteමත්තේගොඩ ප්‍රදේශයේ ගෙවල් බිදීම් සිද්ද වෙන්න ගත්තේ මේක ලියපු එකා පහුගිය දවසක ඒ පැත්තේ කැරකුනාට පස්සේ කියලයි ආරංචි. :P
ReplyDeleteඔය පුවත සංශොධනය කොරන්ඩ සුහද හමුව වෙනුවට විනොද සවාරියක් කියල නැත්තං අහල පහල ඉන්න උං අමාරුවේ...නියම වැඩක්
ReplyDeleteකවුද බං මුං..... හිකිස්...
ReplyDeleteපොඩ්ඩක් පරිස්සමෙන් ඉදහල්ලා... :-)))
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එසේම වේවා!!!
Deleteමාර මඩ පාර...බලං හිටිය වගෙ කියලා..
ReplyDeleteකොළඹ ප්‍රදේශයේ ඕනෑම තැනක කරක් ගසා ඇති බව පවසමින් හා මනෝ විද්‍යාවේ විශේෂඥයෙක් ලෙස තමන් හදුන්වා ගන්නා මොහු..ඔහු ලබා දෙන සියලු උපදේශයන් මානව වර්ගයා සදහා ඉතා වැදගත් වුවද,තමන් සදහා එම උපදේශයන් අකැප බව පවසා සිටින්නේ මානව ලක්ෂණ තරම් උසස් නොවු තිරිසන් ගති ලක්ෂන ඉස්මතු කරමිනි.මාර්ග උපදේශකයෙක් වශයෙන් පෙනි සිටින මෙවැනි රැවටිලිකාරයන්ට හසු නොවි සිටින ලෙස සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිමි
ReplyDeleteඔව් ඈ.. එහෙම කරන්ඩලා...
Deleteහැක් හැක්.... මඩ කෝටියයි , මට එකක් සුවර් බොලාලා දෙන්න කනවා ඔය බ්ලොගි සේරමෙන්ම රජ දීමනාවක් එක්ක :D :D :D
ReplyDeleteපට්ට ඔයි,,,,
හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්
ReplyDelete\\මීට කලකට පෙර පිටසක්වලින් ගොඩබසින ලද පුද්ගලයෙක් දැන් ලංකාවේ පුරවැසිකම ලබාගෙන ඇතැයි වාර්තා වේ.\\
ReplyDelete…
…කවුද හප්පේ... අඳුර ගන්න ඕන...
මෙහෙමත් මඩගැහිල්ලක් අම්මප...
ReplyDeleteහැබැයි මෙයාලට මඩ ගහන්න කවුරුත් නැද්දෝ.....:)
නැත්තෙ මොකද අප්පා... බලන්නකෝ මේක....
Deletehttp://apeisawwa.blogspot.com/2012/06/blog-post_14.html