Sunday, May 20, 2012

කුප්ප කතා අංක 01

බ්ලොග් අවකාශයේ නම ඇසූ පමණින් ඉතා අහිංසකයැයි මිනිසුන් පිලිගන්නා කිහිප දෙනෙකි. සත්‍ය වශයෙන්ම මුං හෙන කුප්පයෝය. මේ වෑයම උන්ගේ රෙදි ගැලවීමටයි.(මචං උඹලා ඉවරයි)

අංක 01 කුප්පයා
මුගේ නම ඇසූ පමණින් බොහෝ දෙනා සිතා සිටින්නේ ඉතාමත්ම හොඳ පුද්ගලයෙකු කියාය.

පුත්තලම් බූරුවන් දෙන්නෙක්ගේ වයස තිබුණත් තාම මුට කෑල්ලක් නැත. හේතව තවමත් රහසක් ලෙස පවතී. දිනක් බ්ලොග් අවකාශේ පොඩි එකෙක් තම ඥාතී සහෝදරියන් කිහිප දෙනෙක් සමග ගත් ෆොටෝවක් දැක මෙසේ පවසා ඇත..

මූ : අඩෝ... කවුද බං අර උඹ පිරිවරාගෙන ඉන්න කෑලි ටික...
පොඩි එකා : කසින්ස්ලා වගයක් බං.. ඇයි?
මූ : අඩේ මට එකෙක් සෙට් කරලා දියංකෝ
පොඩි එකා : තොට හරියන එකාට අයිතිකාරයෙක් ඉන්නවා බං...
මූ : ෂික්.. $!@$%^&*
පොඩි එකා : ඉඳිංකෝ.. උඹට සයිබර් ෆෙස්ටිවල් එක දවසට චාන්ස් එකක් දෙන්නම් කෝල් කරන්න..

සයිබර් ෆෙස්ටිවල් එක දවසේ එය මෙසේ විය. පොඩි එකා ඔහුගේ දුප්පත් ජංගම දුරකථනයෙන් එම "කෑල්ලට" ඇමතුමක් ලබාගෙන ෆෝන් එක මූ වෙත ලබා දුනි. මූ දැන් ලෙසටම මල් කුමාරයා වීමට ට්‍රයි එක දෙයි. අහෝ දුකකි ඉරකි තිතකි මල් වැලකි. ෆෝන් එකේ බැටරියද මුට පිටුපා ඇත. පසුව මූ ඒ අහිංසක පොඩි එකාට ඉතා පහත් අන්දමින් ප්‍රසිද්ධියේ බැන වැදී ඇති බව සියලු දෙනා දනී. ඊටත් පසුව මූ ප්‍රචාරය කර ඇත්තේ ඒ පොඩි එකා මස්සිනා කර ගැනීමට අකමැති නිසා එම "කෑල්ලට" අකමැති වූ බවයි.

සයිබර් සිහින කුමරා වෙන්නට ද කොණ්ඩයද පීරාගෙන, තව තොප්පියක්ද දමාගෙන, කකුල් දෙකටම කලිසම් ඇඳ, හැඩ වැඩ වී ගිය නමුත් මූට ඇපත් නැති වී ඇත.

මොහුට දඬුවම් ලැබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ දේවල් වලින්මය. ඒ මොහු රුහුණු සේවයේ ක්‍රීඩා අංශයේ නිවේදකයෙක් නිසාද යැයි නොදනී. එහෙත් මූ නිතරම “අම්මා ගහයි විකට් කූරු තුනෙන්ම“ වැනි යෙදුම් භාවිතා කරන නිසා අපට එය පිලිගැනීමට සිදුව ඇත.

පසු දිනක මොහු ඉතා ආන්දෝලනාත්මක ෆොටෝවක් මොහුගේ බුකියේ ප්‍රොෆයිල් එකට එක් කර ඇත. ඒ මොහු තවත් ගෑනු ළමයි කිහිපදෙනෙකු පිරිවරාගෙන ලැප්ටෝප් පරිගණකයකට එබී සිටින ෆොටෝවකි. විශ්වාසවන්ත ආරංචි මාර්ගයක් පැවසුවේ මොහු ඒ අහිංසක යුවතියන් කිහිප දෙනාට අසැබි දර්ශන ඇතුලත් වීඩියෝවක් පෙන් වූ බවයි. එහෙත් මොහු එම ‍චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි. මෙය විශ්වාස කිරීමට සාධාරණ හේතු කිහිපයක් ඇති අතර එකක් වන්නේ මොහු සමග එම නංගිලා පිරිස අමනාප වීමයි. අනෙක් කරුණ මොහු පිරිමි ළමුන්ට කරදර කිරීම ආරම්භ කිරීමයි.

පසුගිය දිනක මූ ප්‍රසිද්ධියේම කොස් කොළයාට හා චූ මලයාට කලිසම් ඔලුවෙන් ගලවන බවට තර්ජනය කරනු ලැබීය. දැනටමත් කිහිප දෙනෙකුගේ කලිසම් ගලවා බලා ඇති බව ආරංචි වී ඇත. මුගෙන් ප්‍රවේසම් වන්න.

අංක 02 කුප්පයා

හද්ද ඩොටේ පිහිටි සක්වලකින් මේ පලාතට පැමිණි එක් පුද්ගලයෙක් (මොකෙක්ද මන්දා) මේ දින වල පොර වීමට වෑයම් කරමින් සිටි. කලින් ලියමින් සිටි බ්ලොග් අඩවිය ද වසා දමා මෑතකදී නව බ්ලොග් අඩවියක් ආරම්භ කර ඇත. මුල් දින වලදී ‍මේ ප්‍රදේශයත් මූ කලින් සිටි සක්වල මෙන් සීතල යැයි සිතා මුලින් අත් දිගට ඇති ෂර්ට් හා කකුල් දෙකටම කලිසම් ඇඳ ඇත. පසුව බ්ලොග් අවකාශයේ සිටින සැර බීම වර්ග දිව්‍ය ඖෂධ ලෙස හඳුනාගන්නා පුද්‍ගලයෙකු අනුගමනම කරමින් මූත් කොට කලිසම් ඇඳීම ආරම්භ කර ඇත. නිතරම හෙන කලාකරුවා යැයි පෙන්වීමට කනේ ගසාගෙන සිටින වයර් දෙකත්, හෙන ඩයල් එක බව පෙන්වීමට පිට හරහට දමාගෙන සිටින ලැප්ටොප් පරිගණකයත් මූ හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණ වේ.

‍තවත් සැවොම නොදන්නා කරුණක් වන්නේ මූ පොඩි එකෙකු මෙන් නිතරම තෙමා ගන්නා පුද්ගලයෙකු බවයි. මෙය මනාව තහවුරු වූයේ 2012 සයිබර් සිහින උළෙලේදීය. අවසානයේදි නිවසට ගොස් තව පොඩි එකෙක් සංගීතය හා සම්බන්ධ වැඩකට යාමට කතා කල විට පවසා ඇත්තේ "මචං මට එන්න වෙන්නේ නෑ බං... ඇඳුම් ඔක්කොම ඉවරයි.. හෝදලා නෑ එකක්වත්" යනුවෙන්ය.

මොහු ඉතා හොඳ පුද්ගලයෙක් බව බොහෝ දෙනා විශ්වාස කලත් මොහුට ඇත්තේ ඉතාමත්ම කැත හිතකි. බොහෝ දේ මූට පෙනෙන්නේ ඉතාමත්ම කැත ආකාරයටය. මොහුගේ බුකියේ ‍මිතුරන් එය හොඳින්ම දන්නා කරුණකි.

ප.ලි. :
චූ මලයා දින කිහිපයක් බුකියෙන් අතුරුදහන් උනොත් එයට වගකිය යුත්තේ ද මේ කුප්පයන් දෙදෙනාමය... තව කුප්පයන් කිහිප දෙනෙක් ගැන මීලග පොස්ට් එකෙන්... අඩෝ මේ උඹලා දන්නෑ තාම මගේ හැටි අරී... පරිස්සම් වෙයල්ලා...

18 comments:

  1. පලවෙනි එකා නම් ටියුබ්ලයිට්ය
    දෙවෙනි එකානම් යසන්තයා කියා බුදු ශුවර්ය :P

    ~ඇනොනිමස් දැම්මේ, උබලගෙ ඊලග පෝස්ට් එක මම වෙන්න කැමැති නැති නිසා :D

    ReplyDelete
    Replies
    1. හිතපං හිතපං පළවෙනි එකා කවුද කියලා.. :D

      Delete
    2. මට පේන හැටියට නම් ටියුබ් ලයිට් එකාම තමයි ඇනෝ ඇවිල්ල ඉන්නේ :P

      Delete
  2. මල්ලි කන්න වගේ ලැස්තිය.......
    උඩ ඩබලම හරි සැරයිලු

    ReplyDelete
    Replies
    1. ආ පලවෙනි එකා උබ වෙන්න ඕනේ :D
      උබ තමයි කෙල්ලෙක් හොය හොය හිටියෙ xD

      ~උඩ ඇනෝමයි

      Delete
    2. මට ගහන්න හිතුවා මදි. :P

      Delete
  3. මම නම් අනෝ පොස්ට් නැහැ ,
    අඩෝ මඩසර අක්කපාල සහ චු කොල්ල , පොස්ට් ඒක නම් සුපිරි ,

    හැබැයි උබල දෙන්නගේ ලෙඩේ ගැනත් ලියනවා නම් තමයි හොද , ඊටත් එකෙක් දොස්තර කෙනෙක්ලුනු , :p

    අරුගෙන් අහපං අන්න අර කාමලිකා ගැන , යසයි , උබල දෙන්නගෙන් එකෙක් තමයි මෑතකදී මිය ගිය වෛද්‍යවරයා වෙන්නේ ඔය රෝගෙන් ,

    ReplyDelete
  4. පට්ට පට්ටටටටටටටටට.......

    ඔහොම යං ඔහොම යං......

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. වෙන කව්ද තිං ජනරංග අයියයි යසා අයියයි මිසක්......:p

    ReplyDelete
  6. පුත්තලම් බූරුවන් දෙන්නෙක්ගේ වයස තිබුණත් තාම මුට කෑල්ලක් නැත.
    මෙව්වා එක බොරුද කොහෙද.
    පලවෙනි කෙනා ජනරග අය්යා.දෙවෙනි කෙනා යසන්ත අයියා.
    අපි මෙව්වට මුකුත් කියන්නේ නැතෝ

    ReplyDelete
  7. ඈ බං අක්කපාල අක්කලා උඹට ඔච්චර කැමති මොකෝ.

    http://atampahura.blogspot.com/2012/04/blog-post_28.html

    මේ වගේ කේස් එකක්ද?

    ReplyDelete
  8. අපෝ මෙහෙමත් මඩ ගැහිල්ලක් අප්පා...:D

    ReplyDelete
  9. චු මලයෝ. උඹ බුකිය පැත්තේ එනකොට හෙල්මට් එකක්වත් දාගෙන වරෙන්. නැත්තම් උඹට බඩු හරි යයි වගේ

    ReplyDelete
  10. අක්කපාලයාගේ අවසානය ඇත ලග බව සියලු දෙනාටම දන්වා සිටිමි...

    ReplyDelete
  11. දැනගතිමි...මේ දවස් ටිකේ බුකියෙ හිටියාම කවුද කින්ද මන්ද කියන එක ලේසි වැඩක් නෙ...:D

    ReplyDelete
  12. හේ හේ කගේ වුවත් ප්‍රසිද්දයේ රෙදි ගැලවී ඇත ...... :D

    ReplyDelete
  13. ඔහොම යං... ඔහොම යං... අවුරුදු උත්සවේට ඇවිදිනුත් බොලාව අඳුන ගන්න බැරි උන එකේ... මෙහෙම හරි ඒකත් වෙන්ඩ එපායැ...

    ReplyDelete

කියවද්දි හිතුන දේම ලියලා ගියොත් නරකද?