Sunday, May 13, 2012

ආදරණීය ඔබා මාමේ.....

ඔබා මාමා මියගිහින්.... අද උදේ ලැබුණු ආරංචිය අදහාගන්න බැරිවුනේ ඊයෙ පෙරේදත් ඔබා මාමා සයිබර් අවකාශයේ සැරිසරපු හින්දා. පර්ත් නුවර වෙසක් උත්සවය ගැන පෝස්ට් එකක් කියෙව්වෙ ඊයෙ පෙරේදා. කොහොම වුනත් මේ වෙනකොට අපේ ආදරණීය ඔබ්සවර් අංකල්, එහෙමත් නැත්නම් ඔබා මාමා අපි අතර නැහැ.

මාරයා මේ ගැන ලියලා තිබුනේ මෙන්න මේ විදියට.
“දැනට දැන ගන්නට ඇති පරිදි ඕස්ට්‍රේලියාවේදී අද දින (2012/05/13) උදෑසන ව්‍යායාමය පිණිස ඇවිඳිමට ගොසින් සිටියදී සිය වැඩිමහළු දියණියගේ නිවස අසලදීම හදිසියේ ඇති වූ රෝගී තත්වයකින් සනත් (ඔබ්සවර්) අයියා.. අභාවප්‍රාප්ත වී ඇති බව ඔහුගේ සොයුරිය විසින් දැනුම් දෙන ලදි... අවසන් කටයුතු පිළිබඳව වැඩි විස්තරයක් දැනට නැතත් එය එරටටදීම සිදු කරනු ඇතැයිද ගම්පහ පිහිටි සොයුරියගේ නිවසේදී ඒ වෙනුවෙන් පින්කමක් යෙදෙනු ඇතැයිද දැනට කිව හැක... ඒ පිළිබඳව පවුලේ ඥාතීන් විසින් බ්ලොග් හිතවතුනටත් දැනුම්දීමක් කරන්නට හැක...“

ඔබා මාමා අපි කාගෙත් ආදරණීයයෙක්. ඒ ගැන වැඩිපුරම දැක්කෙ අද උදේ ඉඳලා පළවෙලා තිබුනු බ්ලොග් පෝස්ට් සහ බුකියේ ස්ටේටස් වලින්.


මේ ඒවාගෙන් කීපයක්.



 -   හඳුනාගත් දින පටන් අප සතුටින් තැබූ පිනෙන්ම
සනත් (ඔබ්සවර්)
අයියේ නුඹට නිවන් සුවයම ලැබේවා..!

 - ආදරණීය සනත් විජේවර්ධන හෙවත් ඔබා මාමේ...ඔබට අජරාමර නිවන් සුව!

- ආයෙත් මගෙ තියා කාගේවත් පෝස්ට් කියවීමට ඔබා මාමා එන්නේ නැත....
                            දයාබර සහෘදය ඔබට නිවන් සුව!!!




අළුතින් බ්ලොග් අවකාශයට ආපු අපි වගේ ගොඩක් අය ඔබා මාමව හැබැහින් දැක්කෙ මේ සැරේ සයිබර් සිහින උළෙල දවසෙදි. සමහර තරුණයන්ට වඩා ඔබා මාමා තරුණයි කියලා අපිට හිතුනා. සයිබර් සිහින කුමරා සහ කුමරිය තේරීමේ විනිශ්චය මණ්ඩලයේ සම්භාවනීය විනිශ්චයකරුවෙක් විදියටත් ඔබා මාමා කටයුතු කලා මතක ඇති.







මේ පින්තූර වෙනී අයියගෙ මං හිතන්නේ. උඩම එක සැමාගේ. පස්සෙ පොඩි මෑන් සයිබර් සිහින උළෙලේ පින්තූර කතා කරවද්දිත් ඔබා මාමට වැදගත් තැනක් දීලා තිබුනා.





ඒ විතරක් නෙමෙයි. වෙනි අයියත් ඔබා මාමට හඬ කවලා තිබුනා.


අපි පිලිගන්න කොයිතරම් අකමැති වුනත් ඔබා මාමා අද අපිව දාලා යන්න ගිහින්. ආයෙත් ඔබා මාමගේ පෝස්ට් එකක්, කමෙන්ට් එකක් කවදාවත්ම දකින්න ලැබෙන්නෙ නෑ. ඔබා මාමේ, සිංහල සයිබර් අවකාශයට ඔයා නැති අඩුව තදින්ම දැනේවි. සමහරවිට අදටත් වඩා හෙට. අන්න එදාට එකම එක සැරයක් අපිව බලන්න ඇවිත් යන්න එන්න. එහෙම නැත්නම් අපි ඇවිත් යන්න එන්නම් කවදාම හරි දවසක, රාජ් මෙහෙම ලිව්වා වගේ...

දයාබර මිතුර,
කිසිදා අප හමු නොවුවත්,
නිමක් දකින්න බැරිවුන,
මේ සංසාර සාගරේ,
ගොඩාක් කලකට ඉස්සර,
මතකද?
අපි හොද මිත්‍රයෝ!
ඉස්සරහටත්,
එහෙමමයි.
දවසක එන්නම්,
හමුවෙන්න ලෙංගතුකමින්.
දිනයක් වෙලාවක් තැනක් කියන්න බෑ,
සත්තයි!
එනවමයි.

ඇත්තටම ඔබා මාමේ, ඔයා නැතුව පාළුයි....


දයාබර සොයුර/ සොයුරිය,
අප සියල්ලන්ගේම හදවත් කම්පනය කළ ඔබා මාමාගේ හදිසි නික්මයාම හේතුවෙන් දෙමංසල බ්ලොග් අඩවියෙහි සති කිහිපයකට අළුත් පෝස්ට් පළ කිරීමෙන් වැලකී සිටීමට අප කණ්ඩායම තීරණය කර ඇති බව දැනුම්දෙනු කැමැත්තෙමු.

ස්තුතියි...!

12 comments:

  1. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  2. මට නිතර කමෙන්ට් කළ කෙනෙක්. ඔබට නිවන් සුව ඔබා මාමා.

    ReplyDelete
  3. ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව ..!!!

    ReplyDelete
  4. මට කවදාවත් කමෙන්ට් නොකරපු අවුරුදු උත්සවයෙදි මාව හඳුනගෙන මගෙත් එක්ක ගොඩක් වෙලා කතා කර කර සතුටු උනු ඔබා මාමගෙ වෙන්වීම එකපාරටම දරාගන්න ටිකක් අමාරුයි.. එදා මට දීපු උපදෙස් ටිකක් මට කවමදාවත් අමතක වෙන එකකුත් නෑ...

    සොඳුරු මිනිසානෙනි...
    ඔබට නිවන් සුව....

    :(

    ReplyDelete
  5. ඔබා මාමේ..නිවන් සුව ලැබේවා ඔබට..!!

    ReplyDelete
  6. ඔබා මාමාට නිවන් සුව ලැබේවා..!

    ReplyDelete
  7. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  8. මුං ඒ අස්සෙත් මේ පඩංගු බ්ලොග් එක මාකට් කරනවා. මේක තමා ජේඩී කියලා තිබුනේ එහෙනම්.

    ReplyDelete
    Replies
    1. කව්ද මේ ඇනෝ? ඇත්ත නමින් ඇවිත් කතා කරන්නකෝ...

      Delete
    2. මේ වගේ දෙයක් අස්සේ බ්ලොග් මාකට් කරන්න තරම් උණක් නෑ අපිට.. මනුස්සකමට දැම්මේ.. ඔබා මාමා කියන්නේ ඇත්තටම බ්ලොග් අවකාශේ අපිට හිතවත් උන අයගෙන් ගොඩක් හොඳ කෙනෙක්.. ඇත්ත මූණෙන් ඇවිත් කිව්වනම් කොන්ද පණ තියන එකෙක් කිව්වෙ කියලා චුට්ටක් ගණන් ගන්නවත් තිබ්බා... කලින් පෝස්ට් දෙක දැක්කම ඕන බබෙක්ට තේරෙනවා අපිට අමුතුවෙන් මාකට් කරන්න දෙයක් නෑ කියලා.. පටන් අරන් දවස් තුනයි.. දැන් පේජ් වීව්ස් කීයද නිකමට වගේ බලන්න.. එතකොට තේරෙයි ගැඩවිලෙක් වගේ කොන්ද පණ නැති ඔයාටත් අපිට මාකට් කරන්න උවමනාවක් නෑ කියලා..

      Delete
  9. ඔබට නිවන් සුව ඔබා මාමේ.....

    ReplyDelete

කියවද්දි හිතුන දේම ලියලා ගියොත් නරකද?