එක එක විදියෙ කෂ්ටිය සිංහලෙන් බ්ලොග් අකුරු
කොටන්න පටන් අරන් අවුරුදු කීපයක් ගෙවෙද්දි යාළු මිත්‍රකම් ගොඩනැගිලා දුකේදි සැපේදි
පිහිටවෙන ලොකු කණ්ඩායමක් බවට පත්වෙලා. එතනින් එහාටත් ගිහිල්ලා ඒ අය අතරින්ම පවුල්
පන්සල් වෙච්ච අයත් ඉන්න මේ සමාජය ලොකු වචන වලින් කිව්වොත් උප සංස්කෘතියක් විදියටත්
හදුන්වන්න පුළුවන්. ඔන්න ඔය කණ්ඩායම ඇතුලෙ ඉන්න කොල්ලො දෙන්නෙක් අළුත් බ්ලොග් එකක්
පටන්ගන්න කතා කරගත්තා. එකෙක් තමයි කොස්කොළයා. 2012 සයිබර් සිහින උළෙලට ආපු කෂ්ටිය
දැනගන්න ඕන නම කියපුවාම. අනිත් එකා චූ කොල්ලා. බුකියෙ චැට් එකට සෙට්වෙන බ්ලොග්කාරියන්
මෙයාව දන්නවා. මතකනේ "චූ කරලා නිදාගන්න".
යාළු මිත්‍රකම් ගැන, බ්ලොග්කරුවන්ගේ
සහෝදරකම් ගැන කතාබහ වෙන මේ කාලෙ දෙමංසලේ අරමුණ තමයි මේ බැඳීම ශක්තිමත් කරන්න
පොඩි තල්ලුවක් දෙන එක. විහිළු කියන ජාතිය හැදිලා තියෙන්නේ පට්ට ෆිට් එකේ ඉන්න සෙට්
එකක් ඇතුලෙ එක එකාව බයිට් කරන්න සහ එක එකාට වෙන අකරතැබ්බ වලට සැහැල්ලුවෙන් ප්‍රතිචාර
දක්වන්න උදව්වක් විදියට. දෙමංසල බිහිවෙන්නෙත් මේ විහිළු එහෙමත් නැත්තම් මඩ පදනම්
කරගෙන. අපි දෙන්නා විශ්වාස කරන විදියට සයිබර් අවකාශයේ මිතුරෝ කියන්නෙ පට්ට බැඳීමක් තියෙන තමන්ට වදින
මඩ පාරක් හිනාවෙලා විඳගන්න ගමන්
අනිත් උන්ට ඕනම මඩක් ගහලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් සෙට් එකක්. මේ ඉඩ වෙන්වෙන්නේ
ඒ වැඩේට.
අපි අතරෙ ඉන්න ජ්‍යෙෂ්ඨ කණිෂ්ඨ ඕනම කෙනෙකුට දෙමංසලේදි
මඩක් වදින්න පුළුවන්. හැබැයි ඒ හැම එකක්ම සහෝදරකමට මිසක් කුහකකමකට ගහන මඩ නෙමෙයි.
ඒ වගේම අපි අත්දැකීමෙන් දන්න විදියට ගොඩක් වුන් එකිනෙකා දැකලා නැති වුනත් ගහන මඩ
වලින් නම කියපු ගමන් දන්නවා. ඒ නිසා අපි අතරෙ ඉන්න බ්ලොග් ලියන කියවන ඕනම කෙනෙකුට
මේ පැත්තට ඇවිත් යන්න පුළුවන්. හැබැයි ඇත්ත මූණෙන්. අපි ලියන මඩක් කියවලා රස විඳලා යන්න එන්න කියලා
අපි ආදරයෙන් ආරාධනා කරනවා. ඒ වගේම ඔයාලා දන්න අපේ කෂ්ටියගේ රසවත් දේවල් අපිට
කිව්වොත් ඒවටත් තැනක් ලැබෙයි. හැබැයි කෙනෙක්ව අපහාසයට ලක්වෙන විදියේ ඇනෝ කමෙන්ට්
දැම්මොත් ඒවා ඩිලීට් කරන්න වෙනවා කියලත් මතක තියාගන්න.
එහෙනම් හෙට ඉදලා මේ පැත්තෙ ඇවිත් යන්න එන්න.
ඒ වගේම කවදාහරි ලඟදිම දවසක
දෙමංසලේ ඔයාගෙ නම තිබුනොත් තරහා ගන්න එපා කියලත් ආදරෙන් මතක් කරනවා.
"මඩ සහ විහිළු
කතාවන්...
රස විඳිනට තුටිනා...
අද මෙහි
පැමිණා...
පිළිගමු
මිතුරනි සොඳිනා...."
මමද එක !!!
ReplyDeleteyes yes :D
Deleteඑල මල්ලි. ඕනම වැඩක් සද්දෙ දාල පටන් ගන්න පුලුවන් ඕනම කෙනෙක්ට. හැබැයි පවත්වාගෙන යන එකයි වැදගත්. උඹල අපි ඉගෙන ගන්න ගමන් රස්සාවක් කරන ගමන් මේව ලියන බව ඇත්ත. ඒත් ඒකම නිදහසට කාරණාවක් කරගන්නෙ නැතුව හැමදාමත් වල් බිහි නොවී හොඳ ගමනක් යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. ප්‍රදීප් අයියෙ මේ උඹටත් එක්කයි. උඹල දෙන්නට ජය වේවා !!
Deleteඔවිමයි. සිහිනයා එක. පළමු මඩ සිහිනට...
Deleteස්තුතියි සිහින. අපි පුළුවන් තරම් කල් ලියමු...
Deleteබොහොම ස්තූතියි සිහින අයියා... :)
Deleteමරු දෙන්නා මරු වැඩක් පටන් අරන් තියෙන්නේ..
ReplyDeleteමොනා උනත් වැඩේ නම් උපරිමයි..
බලමුකෝ ඉස්සරහට...
මගේ මඩ මෙහි පල නොවේවා! :D
(එහෙම උනොත් බලගම්මු.. අරී.. )
උඹ ගැන ලියන්න අම්බානක තියනවා.. කොහෙන්ද පටන්ගන්නේ කියලා බැලුවේ :D මේ යසන්තයා උඹට "හ" කියවෙන්නේ නැති අවුලක් තියනවාද? (පළමු මඩ ප්‍රහාරය)
Deleteවැරදි පුද්ගලයා එක්ක හප්පෙනෙන්නේ මල්ලි.. ගහලා බලාපිය මඩක් තොපි දෙන්නට මොකෝ වෙන්නේ කියලා.. :P :P
Deleteමෙයා දැම්මම බය වෙලා... හික්ස්...
Deleteචික් මේ හරක් දෙන්නා මඩ ගොඩේම නේ ලගින්නේ..කවදා හැදෙයි ද මන්දා...ජය ශ්‍රි කිව්වා එහෙනම්
ReplyDeleteමේ වගේ එළදෙන්නු එක්ක ඉඳලා එපා වෙලා... තැන්කූ වේවා එහෙනම්
Deleteආ නංගී..... හෙට අනිද්දට නම තියෙයි. බයවෙන්න එපා...
Deleteකොස් කොළයටයි චු මලයටයි මඩ කියන එක අලුත් දෙයක් නෙවෙයි කියල හැමෝම දන්නවනේ. එහෙනම් දෙන්නටම ඇති වෙනකම් නාගන්න මඩ ගොඩ ගොඩවල් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. මගෙන් උණුසුම් සුභ පැතුම් අලුත් වැඩේට.... :P
ReplyDeleteස්තුතියි රෙප් මහත්තයෝ...
Deleteඑකනම් හොදයි කියලම පටන් ගත්ත එක..
ReplyDeleteතොපි දෙපලට ජය !!! :D
ස්තුතියි...
Deleteo.O කාල වරෙන්කො එහෙනම්... කෙලින්න වගේ හදන්නෙ... කමක් නෑ.. ඔය හම්බෙන ආරංචි මොනාහරි තිබුණොත් දෙන්නම්.. අපිත් උදවුවක් කරන්න එපෑ... ;) දිගටම කරගෙන යන්න ඕනම සපෝර්ට් එකක් ඉල්ලන්න.. එකෙන්ම දෙන්නම්..
ReplyDeleteටැංකූ බට්ටා...
Deleteඅලේ මං නම් අහිංසකයා :/ [[ අලේ ටින්ටඩ් ගහපු කාර් එකෙන් ඇවිත් චූ මලයවයි කොස් කොළයවයි උස්සන්නෙ මේ සූකිරි කිඳුරු පැටියට එහෙම මක්ක හරි කිව්වොත්.කෙල්ලෙක් එහෙම නැද්ද දන්නෙ නෑ නේ බං hug එකක් දෙන්න o.O]]
ReplyDeleteඅපි බය වෙයි ඕවට :P (රහසින්) අම්මේ මෙන්නෝ
Deleteආරම්භයේදීම මරණ තර්ජන.... පුහ්.... අපිනම් බය වෙයි... සදකිදුරාගේ මඩ සූදානමින්...
Delete:o
Deleteඑල එල දිගු ගමනකට මගෙනුත් ඕං සුභපැතුම්!!!
ReplyDeleteටැංකූ අෆ්ෆා...
Deleteගේමනම් ගේම අරී!!!
ReplyDeleteබනියටත් මඩ සූදානම්ය....
Deleteබනියාටත් අර "හ" කියවෙන්නේ නැති සීන් එක තියනවා. :P මූ කොහොම හාවා කියනවද මන්දන්නෑ
Deleteආ ගහපියව් බලන්න.. :D
Deleteඋදව් කරන්න ආපු අයගෙන් කැමරා ඉල්ලපු ඒවා අපි ලියන්නෙ නෑ බනියා...
Deleteසිංහල බ්ලොග් පරිශ්‍රෙය් මිත්‍රශීලිත්වය වැඩි කරන්නට ඔබ සැමට දිරිය , ශක්තිය සහ ඇති තරම් “මඩ “ ලැබේවා.....
ReplyDeleteබොහොම ස්තූතියි
Deleteස්තුතියි නිශාන්ත අයියේ...
Deleteමල් හැත්තෑවයි!!! අපේ ජාතික ක්‍රීඩාව නගාසිටුවීම සදහා දරන මේ වෑයම ටින් ටින් වැඩක් වේවා!! කියලා පතමු(මි) :p
ReplyDeleteලේනෙක් නම් දැක්කේ නෑ... ටින් ටින් O.o බොහොම ස්තූතියි
Deleteඑල.. ටැංකූ නාඩියා මල්ලි... උඹටත් මඩ වදියි හොදේ... කට්ටිය එච්චර දන්නෙ නැති වුනාට...
Deleteඅපි කාටද බය!!කවුද මඩට බය!!!!
Deleteඑල එල සුබ පැතුම් හැමදාම මඩ ගහගෙන මඩ නාගෙන ඉදිරියට යන්න.. :)
ReplyDeleteටැංකූ හසී අක්කේ...
Deleteනාන්න O.o.. අකමැති වැඩ මතක් කරන්න එප.. තරහා යනවා :D තැන්කූ වේවා
Deleteහපුයි.......
ReplyDeleteතිකක් මේ පැත්තත එන්නට් බයයි අප්ප....:/
මොනා කලට් අපි හැමෝතම සතුතු වෙන්න පුළුවන් දෙයක් කලන්න ඔය දෙන්නතම ජය වේවෝ.................!!!! ^_^
බොහොම ස්තුතියි. හැබැයි මේ පැත්තෙ එන්නෙ නැතුව ඉන්න එපා හොදේ..
Deleteහපෝ.... මඩ ගහන්නම බ්ලොග් එකක් හදලා...
ReplyDeleteඅම්ම ගහයි බැට් එකෙන්
ඔව් ඔව්... පරිස්සමින්...
Deleteමටත් අසයි මඩ ගහන්න..මඩ නැගෙන ඉන්න අය ගැන අහන්න.ඒ නිසා මමත් ආවා.
ReplyDeleteබොහොම සතුටුයි ආපු එක ගැන... දිගටම එන්න...
Deleteමඩ කලාව පිලිබද පන්ති පවත්ව්වනු ලැබේ...
ReplyDeleteඋඹල දෙන්නත් වරෙන් ඕනෙනෙම් ඉගන ගන්න... හාෆ් කාඩ් එකක් දෙන්නම් ෆිට් එකට...
අලුත් බ්ලොග් එකට සුභ පැතුම්...
ජය වේවා... !!!
ෆ්‍රී කාඩ් එකක් දෙනවානම් එනවා... දිගටම වරෙන්... අඩුපාඩු කියපං...
Deleteබලමු හැප්පිලා.... :D
ReplyDeleteබලමු බලමු....
Deleteමේකනම් බිම්සරයා ඌට වදින "අක්කලා"සම්බන්ධ මඩ වලින් ගැලවීමට කරන දෙයක් වගේ....
ReplyDeleteමමනම් තාමත් කියන්නෙ "වයස ප්‍රශ්නයක් නෑ මල්ලී"කියන එක.
උඹව මරනවා.. නෑ නෑ මඩ ගහනවා
Deleteපටන් ගමුකෝ බලන්න ....
ReplyDeleteඅනිවා...
Deleteහොද වැඩක් වගේ.. දිගටම කරහල්ලකෝ බලන්න
ReplyDelete