Thursday, May 10, 2012

පූර්විකාව


එක එක විදියෙ කෂ්ටිය සිංහලෙන් බ්ලොග් අකුරු කොටන්න පටන් අරන් අවුරුදු කීපයක් ගෙවෙද්දි යාළු මිත්‍රකම් ගොඩනැගිලා දුකේදි සැපේදි පිහිටවෙන ලොකු කණ්ඩායමක් බවට පත්වෙලා. එතනින් එහාටත් ගිහිල්ලා ඒ අය අතරින්ම පවුල් පන්සල් වෙච්ච අයත් ඉන්න මේ සමාජය ලොකු වචන වලින් කිව්වොත් උප සංස්කෘතියක් විදියටත් හදුන්වන්න පුළුවන්. ඔන්න ඔය කණ්ඩායම ඇතුලෙ ඉන්න කොල්ලො දෙන්නෙක් අළුත් බ්ලොග් එකක් පටන්ගන්න කතා කරගත්තා. එකෙක් තමයි කොස්කොළයා. 2012 සයිබර් සිහින උළෙලට ආපු කෂ්ටිය දැනගන්න ඕන නම කියපුවාම. අනිත් එකා චූ කොල්ලා. බුකියෙ චැට් එකට සෙට්වෙන බ්ලොග්කාරියන් මෙයාව දන්නවා. මතකනේ "චූ කරලා නිදාගන්න".



යාළු මිත්‍රකම් ගැන, බ්ලොග්කරුවන්ගේ සහෝදරකම් ගැන කතාබහ වෙන මේ කාලෙ දෙමංසලේ අරමුණ තමයි මේ බැීම ශක්තිමත් කරන්න පොඩි තල්ලුවක් දෙන එක. විහිළු කියන ජාතිය හැදිලා තියෙන්නේ පට්ට ෆිට් එකේ ඉන්න සෙට් එකක් ඇතුලෙ එක එකාව බයිට් කරන්න සහ එක එකාට වෙන අකරතැබ්බ වලට සැහැල්ලුවෙන් ප්‍රතිචාර දක්වන්න උදව්වක් විදියට. දෙමංසල බිහිවෙන්නෙත් මේ විහිළු එහෙමත් නැත්තම් මඩ පදනම් කරගෙන. අපි දෙන්නා විශ්වාස කරන විදියට සයිබර් අවකාශයේ මිතුරෝ කියන්නෙ පට්ට බැීමක් තියෙන තමන්ට වදින මඩ පාරක් හිනාවෙලා විගන්න ගමන් අනිත් උන්ට ඕනම මඩක් ගහලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් සෙට් එකක්. මේ ඉඩ වෙන්වෙන්නේ ඒ වැඩේට. 



අපි අතරෙ ඉන්න ජ්‍යෙෂ්ඨ කණිෂ්ඨ ඕනම කෙනෙකුට ‍දෙමංසලේදි මඩක් වදින්න පුළුවන්. හැබැයි ඒ හැම එකක්ම සහෝදරකමට මිසක් කුහකකමකට ගහන මඩ නෙමෙයි. ඒ වගේම අපි අත්දැකීමෙන් දන්න විදියට ගොඩක් වුන් එකිනෙකා දැකලා නැති වුනත් ගහන මඩ වලින් නම කියපු ගමන් දන්නවා. ඒ නිසා අපි අතරෙ ඉන්න බ්ලොග් ලියන කියවන ඕනම කෙනෙකුට මේ පැත්තට ඇවිත් යන්න පුළුවන්. හැබැයි ඇත්ත මූණෙන්. අපි ලියන මඩක් කියවලා රස විලා යන්න එන්න කියලා අපි ආදරයෙන් ආරාධනා කරනවා. ඒ වගේම ඔයාලා දන්න අපේ කෂ්ටියගේ රසවත් දේවල් අපිට කිව්වොත් ඒවටත් තැනක් ලැබෙයි. හැබැයි කෙනෙක්ව අපහාසයට ලක්වෙන විදියේ ඇනෝ කමෙන්ට් දැම්මොත් ඒවා ඩිලීට් කරන්න වෙනවා කියලත් මතක තියාගන්න.



එහෙනම් හෙට ඉදලා මේ පැත්තෙ ඇවිත් යන්න එන්න. ඒ වගේම කවදාහරි ලදිම දවසක දෙමංසලේ ඔයාගෙ නම තිබුනොත් තරහා ගන්න එපා කියලත් ආදරෙන් මතක් කරනවා.

"මඩ සහ විහිළු කතාවන්...
රස විිනට තුටිනා...
අද මෙහි පැමිණා...
පිළිගමු මිතුරනි සොිනා...."

55 comments:

  1. Replies
    1. එල මල්ලි. ඕනම වැඩක් සද්දෙ දාල පටන් ගන්න පුලුවන් ඕනම කෙනෙක්ට. හැබැයි පවත්වාගෙන යන එකයි වැදගත්. උඹල අපි ඉගෙන ගන්න ගමන් රස්සාවක් කරන ගමන් මේව ලියන බව ඇත්ත. ඒත් ඒකම නිදහසට කාරණාවක් කරගන්නෙ නැතුව හැමදාමත් වල් බිහි නොවී හොඳ ගමනක් යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. ප්‍රදීප් අයියෙ මේ උඹටත් එක්කයි. උඹල දෙන්නට ජය වේවා !!

      Delete
    2. ඔවිමයි. සිහිනයා එක. පළමු මඩ සිහිනට...

      Delete
    3. ස්තුතියි සිහින. අපි පුළුවන් තරම් කල් ලියමු...

      Delete
    4. බොහොම ස්තූතියි සිහින අයියා... :)

      Delete
  2. මරු දෙන්නා මරු වැඩක් පටන් අරන් තියෙන්නේ..
    මොනා උනත් වැඩේ නම් උපරිමයි..
    බලමුකෝ ඉස්සරහට...
    මගේ මඩ මෙහි පල නොවේවා! :D
    (එහෙම උනොත් බලගම්මු.. අරී.. )

    ReplyDelete
    Replies
    1. උඹ ගැන ලියන්න අම්බානක තියනවා.. කොහෙන්ද පටන්ගන්නේ කියලා බැලුවේ :D මේ යසන්තයා උඹට "හ" කියවෙන්නේ නැති අවුලක් තියනවාද? (පළමු මඩ ප්‍රහාරය)

      Delete
    2. වැරදි පුද්ගලයා එක්ක හප්පෙනෙන්නේ මල්ලි.. ගහලා බලාපිය මඩක් තොපි දෙන්නට මොකෝ වෙන්නේ කියලා.. :P :P

      Delete
    3. මෙයා දැම්මම බය වෙලා... හික්ස්...

      Delete
  3. චික් මේ හරක් දෙන්නා මඩ ගොඩේම නේ ලගින්නේ..කවදා හැදෙයි ද මන්දා...ජය ශ්‍රි කිව්වා එහෙනම්

    ReplyDelete
    Replies
    1. මේ වගේ එළදෙන්නු එක්ක ඉඳලා එපා වෙලා... තැන්කූ වේවා එහෙනම්

      Delete
    2. ආ නංගී..... හෙට අනිද්දට නම තියෙයි. බයවෙන්න එපා...

      Delete
  4. කොස් කොළයටයි චු මලයටයි මඩ කියන එක අලුත් දෙයක් නෙවෙයි කියල හැමෝම දන්නවනේ. එහෙනම් දෙන්නටම ඇති වෙනකම් නාගන්න මඩ ගොඩ ගොඩවල් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. මගෙන් උණුසුම් සුභ පැතුම් අලුත් වැඩේට.... :P

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙප් මහත්තයෝ...

      Delete
  5. එකනම් හොදයි කියලම පටන් ගත්ත එක..
    තොපි දෙපලට ජය !!! :D

    ReplyDelete
  6. o.O කාල වරෙන්කො එහෙනම්... කෙලින්න වගේ හදන්නෙ... කමක් නෑ.. ඔය හම්බෙන ආරංචි මොනාහරි තිබුණොත් දෙන්නම්.. අපිත් උදවුවක් කරන්න එපෑ... ;) දිගටම කරගෙන යන්න ඕනම සපෝර්ට් එකක් ඉල්ලන්න.. එකෙන්ම දෙන්නම්..

    ReplyDelete
    Replies
    1. ටැංකූ බට්ටා...

      Delete
  7. අලේ මං නම් අහිංසකයා :/ [[ අලේ ටින්ටඩ් ගහපු කාර් එකෙන් ඇවිත් චූ මලයවයි කොස් කොළයවයි උස්සන්නෙ මේ සූකිරි කිඳුරු පැටියට එහෙම මක්ක හරි කිව්වොත්.කෙල්ලෙක් එහෙම නැද්ද දන්නෙ නෑ නේ බං hug එකක් දෙන්න o.O]]

    ReplyDelete
    Replies
    1. අපි බය වෙයි ඕවට :P (රහසින්) අම්මේ මෙන්නෝ

      Delete
    2. ආරම්භයේදීම මරණ තර්ජන.... පුහ්.... අපිනම් බය වෙයි... සදකිදුරාගේ මඩ සූදානමින්...

      Delete
  8. එල එල දිගු ගමනකට මගෙනුත් ඕං සුභපැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ටැංකූ අෆ්ෆා...

      Delete
  9. ගේමනම් ගේම අරී!!!

    ReplyDelete
    Replies
    1. බනියටත් මඩ සූදානම්ය....

      Delete
    2. බනියාටත් අර "හ" කියවෙන්නේ නැති සීන් එක තියනවා. :P මූ කොහොම හාවා කියනවද මන්දන්නෑ

      Delete
    3. ආ ගහපියව් බලන්න.. :D

      Delete
    4. උදව් කරන්න ආපු අයගෙන් කැමරා ඉල්ලපු ඒවා අපි ලියන්නෙ නෑ බනියා...

      Delete
  10. සිංහල බ්ලොග් පරිශ්‍රෙය් මිත්‍රශීලිත්වය වැඩි කරන්නට ඔබ සැමට දිරිය , ශක්තිය සහ ඇති තරම් “මඩ “ ලැබේවා.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි

      Delete
    2. ස්තුතියි නිශාන්ත අයියේ...

      Delete
  11. මල් හැත්තෑවයි!!! අපේ ජාතික ක්‍රීඩාව නගාසිටුවීම සදහා දරන මේ වෑයම ටින් ටින් වැඩක් වේවා!! කියලා පතමු(මි) :p

    ReplyDelete
    Replies
    1. ලේනෙක් නම් දැක්කේ නෑ... ටින් ටින් O.o බොහොම ස්තූතියි

      Delete
    2. එල.. ටැංකූ නාඩියා මල්ලි... උඹටත් මඩ වදියි හොදේ... කට්ටිය එච්චර දන්නෙ නැති වුනාට...

      Delete
    3. අපි කාටද බය!!කවුද මඩට බය!!!!

      Delete
  12. එල එල සුබ පැතුම් හැමදාම මඩ ගහගෙන මඩ නාගෙන ඉදිරියට යන්න.. :)

    ReplyDelete
    Replies
    1. ටැංකූ හසී අක්කේ...

      Delete
    2. නාන්න O.o.. අකමැති වැඩ මතක් කරන්න එප.. තරහා යනවා :D තැන්කූ වේවා

      Delete
  13. හපුයි.......
    තිකක් මේ පැත්තත එන්නට් බයයි අප්ප....:/

    මොනා කලට් අපි හැමෝතම සතුතු වෙන්න පුළුවන් දෙයක් කලන්න ඔය දෙන්නතම ජය වේවෝ.................!!!! ^_^

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. හැබැයි මේ පැත්තෙ එන්නෙ නැතුව ඉන්න එපා හොදේ..

      Delete
  14. හපෝ.... මඩ ගහන්නම බ්ලොග් එකක් හදලා...
    අම්ම ගහයි බැට් එකෙන්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... පරිස්සමින්...

      Delete
  15. මටත් අසයි මඩ ගහන්න..මඩ නැගෙන ඉන්න අය ගැන අහන්න.ඒ නිසා මමත් ආවා.

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි ආපු එක ගැන... දිගටම එන්න...

      Delete
  16. මඩ කලාව පිලිබද පන්ති පවත්ව්වනු ලැබේ...

    උඹල දෙන්නත් වරෙන් ඕනෙනෙම් ඉගන ගන්න... හාෆ් කාඩ් එකක් දෙන්නම් ෆිට් එකට...

    අලුත් බ්ලොග් එකට සුභ පැතුම්...
    ජය වේවා... !!!

    ReplyDelete
    Replies
    1. ‍ෆ්‍රී කාඩ් එකක් දෙනවානම් එනවා... දිගටම වරෙන්... අඩුපාඩු කියපං...

      Delete
  17. බලමු හැප්පිලා.... :D

    ReplyDelete
    Replies
    1. බලමු බලමු....

      Delete
  18. මේකනම් බිම්සරයා ඌට වදින "අක්කලා"සම්බන්ධ මඩ වලින් ගැලවීමට කරන දෙයක් වගේ....

    මමනම් තාමත් කියන්නෙ "වයස ප්‍රශ්නයක් නෑ මල්ලී"කියන එක.

    ReplyDelete
    Replies
    1. උඹව මරනවා.. නෑ නෑ මඩ ගහනවා

      Delete
  19. පටන් ගමුකෝ බලන්න ....

    ReplyDelete
  20. හොද වැඩක් වගේ.. දිගටම කරහල්ලකෝ බලන්න

    ReplyDelete

කියවද්දි හිතුන දේම ලියලා ගියොත් නරකද?